Android phone එකක් root කිරීමෙන් ලැබෙන වාසි


Android phone එකක් root කිරීමෙන් ලැබෙන වාසි ගැන ඔන්න තියෙනවා.






1.Android phone එකේ kali linux OS එක run කිරීමට හැකිවීම.

kali linux කියන්නේ ආරක්ෂක පර්යේෂණ සහ hacking වලටම නිපදවූ OS එකක්.ඔයාගෙ phone එක root කරලනං ඔයාට kali linux run කරන්න පුලුවන්


2.ඔබේ wifi network එකට connect වී ඇති අනෙකුත් devices disconnect කර දැමීම.

ඔයා wifi network එකකින් internet යනව කියලා හිතන්න.ඒ wifi network  එකෙන්ම තව කෙනෙක් internet යනව කියලා හිතන්න.එතකොට මොකද වෙන්නේ ?එතකොට internet speed එක් අඩු වෙනවා.අපිට පුලුවන් ඔයා internet යන wifi network එකෙන්ම internet යන අයව disconnect කරලා දාන්න.ඔයාට එතකොට සම්පූර්ණ bandwidth එකම ලැබෙනවා.android phone එක root කරලනං wifi kill කියන app එක download කරගන්න .

3.root directory එකට පිවිසීමට හැකිවීම .

ES file explorer app එක download කරගන්න.ඒ වගේම settings වල තියෙන root directory කියන එක enable කරන්නත් ඕනෙ.



4.custom rom එකක් run කිරීමට හැකිවීම.

මේක ගැන දැනගන්න පහළ link එකෙන් යන්න.

https://androidwedakarayo.com/what-is-rom/



5.WPS wifi connection එකක් hack කිරීමට

wps connect කියන app එකෙන් මේක කරන්න පුලුවන්



6.Android phone එකට එන ads block කිරීම.

adway android app එක පාවිච්චි කරලා මේක කරන්න පුලුවන්



7.Edit your host files

ඔයාට පුලුවන් ඔබේ host files modify කරගන්න.host editor කියන app එක download කරගන්න .


8.Background Apps නැවැත්වීම.

Greenify app එක මගින් ඔබේ දුරකථනයේ Apps close කරන්න පුලුවන්.ඒ වගේම phone එක slow කරන background apps ටිකත් close කරලා දාන්න පුලුවන් .



9.Mac address එක change කිරීම.

ඔයාගෙ phone එක root කරලනං
ඔයාගේ phone එකේ mac address එක change කරන්න පුලුවන.wifi mac changer app එකෙන් මේ වැඩේ කරගන්න පුලුවන්.



10.ඔබේ phone එකේ ram එක වැඩි කරගැනීමට හැකිවීම

ROEHSOFT RAM EXPANDER කියන App එක පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුලුවන්ලු.හැබැයි app එක 9.99$ වෙනවා.



11.Android device එකේ Id එක වෙනස් කිරීමට හැකිවීම

ඔබේ android device එකට අනන්‍ය වූ Id එකක් තියෙනවා.Google play store එකෙන් හරි වෙනත් website එකකින් හරි app download කරද්දි අපේ device එක track කරනවා.අපේ රට එතකොට හොයාගන්න පුලුවන් ඒගොල්ලන්ට .සමහර apps තියෙනවා ලංකාවට available නොවන.root කරහම අවශ්‍ය නම් ඕනතරම් Id හදාගන්න පුලුවන්.



12.Phone Memory එකේ install වෙලා තියෙන  app SD card එකට move කිරීම.

Link2sd කියන app එකෙන් මේක කරගන්න පුලුවන් .



13.phone එක ගන්නකොටම install වෙලා තියෙන  අනවශ්‍ය  app delete කර දැමීම .

System app remover app එකෙන් මේක කරගන්න පුලුවන්.



14.Android mobile screen එක record කිරීමට

screen recoder කියන app එකෙන් මේක කරගන්න පුලුවන්.phone එකේ screen එකේ වෙන දේවල් record කරගන්න පුලුවන්  මේ app එකෙන්.Tutorial හදන්න මේ app එක උපකාරී කරගන්න පුලුවන්.



root කිරීමෙන් ලැබෙන වෙනත් ප්‍රයෝජන

1.පරිගණකයක් boot කරවීමට හැකිවීම.
2.phone එකේ bootscreen එක වෙනස් කිරීමට හැකිවීම .
3.linux commands run කරවිය හැකිවීම.
4.custom DNS සැකසීමට හැකිවීම.
5.hacker ලගෙන් wifi connection එක ආරක්ෂා කරගැනීමට හැකිවීම
6.Full backup එකක් සැකසීමට හැකිවීම.
7.SMS එකක් යැවීමෙන්  phone එක remotly off කිරීමට හැකිවීම.
8.SMS එකක් යැවීමෙන් phone එක unlock කිරීමට හැකිවීම.
9.save කරගන්නා ලද wifi password බැලීම.
10.android phone එක overclock කිරීම .
11.Hidden SSID සෙවීම
12.නැතිවුණ phone එක සොයා ගැනීම.

ඉහත සදහන් සමහර දේවල් root කිරීමෙන් තොරවද කළ හැකි බව මතක් තබාගන්න.




Post a Comment

0 Comments