මොකක්ද මේ කාලි ලිනක්ස් කියන්නේ

ලිනක්ස් පවුලේ තවත් හොද සාමාජිකයෙක් විදියට හදුන්වන්න පුලුවන් OS ‍එකක් තමයි කාලී ලිනක්ස් කියන්නේ .Debian කියන operating system එකෙන් බිහිවුන operating system එකක් තමයී කාලි ලිනක්ස් කියන්නේ මේ කාලී ලිනක්ස් වල තියෙන විශේෂත්වය තමයි මේ කාලි ලිනක්ස් තමයි දැනට ගොඩක් අය පිලිගන්න විදියට පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන්න තිබෙන ලේසිම operating system එක.ඒ වගේම පරිගණක Hacker වරු බොහෝ විට මෙම OS එක තමයි භාවිතා කරන්නේ.මෙම operating system එකේ තියෙනව applications ගොඩක් ඒ වගේම මේ කියන application අපිට ලෙසි වෙන්න වර්ග කරලත් තියෙනවා.
‍ඒ වගේම මෙම operating system එකේ ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා.ලොකුම ප්‍රශ්නයක් තමයි මේක user friendly නොවිම. තව ප්‍රශ්නයක් තමයි මේ operating system එකට software ගන්න store එකක් හරි website එකක් හරි නැ .එක නිසාම ගොඩක් වෙලාවට අපිට මොකක් හරි සොෆ්ට්වෙය පැකේජයක් install කරන්න ඕනි උනොත් terminal එකේ පොඩි පොඩි code ගහලා තමයි install කරන්න වෙන්නේ.
ඒ වගේම මෙම operating system එකේ තියෙන වාසි ගොඩකුත් තියෙනවා .පලවෙනිම දේ තමයි මේකේ තියෙන ආරක්ෂාව ‍ඉතා ඉහළ මට්ටමක තියෙනවා . අපිට අපේ දත්ත ආරක්ෂිතව තියා ගන්න අපිට යොදා ගන්න පුලුවන් encrypt කියන ක්‍රමය .ඉතින් මේ විදියට අපේ දත්ත encrypt කරගන්න පුලුවන් වෙන විදියේ tool ගොඩක් තියෙනවා. එ් වගේම තමයි අනිත් ලිනක්ස් operating system වගේ ම මේ operating system එකත් ගොඩක් වේගවත්.

Kali linux download ---  
https://www.kali.org/downloads/

තවත් වැදගත් තොරතුරු ඊලග පොස්ට් එකෙන්  😋



මූලාශ්‍ර :wikipedia.org

Post a Comment

0 Comments