අළුත් Android Smartphone එකක් මිළදීගැනීමෙන් පසු කළ යුතු දේවල්



අළුත් Android Smartphone එකක් මිළදීගැනීමෙන් පසු කළ යුතු දේවල් ගැන දන්නවද?

මෙන්න එහෙනං බලාගන්න.







1.අයිතිකරුගේ තොරතුරු ඇතුළත් කිරීම.(Add owner Info)

Android smartphone එකකට අපගේ තොරතුරු ඇතුළත් කරන්න හැකියාවක් තියෙනවා .මේක වැදගත් වෙන්නේ ඔබේ smartphone එක හදිසියේ නැති වුණ වෙලාවට.ගොඩක් අයනං ඉතිං නැතිවුන smartphone එකක් හම්බුනොත් ඉතිං අයිතිකාරයෝ හොය හොය ඉන්නෙ නෑනෙ.ඒක රාජ සන්තක කරගන්නවනෙ.බැරි වෙලාවත් හම්බුන කෙනා ඒක අයිතිකාරයට දෙන්න හිතුවොත් මේ option එක වැදගත් වෙනවා.
   ඔබේ Android Smartphone එකේ settings වලට යන්න.ඒකෙ security කියන එකට ගිහින් එතන තියෙන owner info කියන එකට යන්න.එතන type කරන්න ඉඩක් තියෙයි.එතන ඔයාගෙ නම,ලිපිනය,email address එක හරි මොකක් හරි type කරන්න පුලුවන් .එතන type කරන මොකක් හරි එක වැටෙන්නෙ phone එකේ lockscreen එකේ.පහත රූපය බලන්න.



ගොඩක් දිගට type කරන්න එපා.ලියන දේ වැටෙන්නෙ එක පේළියකට විතරයි .

2.google account එකක් setup කරගන්න.

සමහරු google account එකක් setup කරන එක මග හරිනවා.හරිනං මේක තමයි මුලින්ම කරන්න ඕනෙ.Android කියන්නෙ google සමාගමේ operating system එක.ඒ හින්දා google account එකක් set කරගන්න එක ඉතාම වැදගත්.google account එකක් setup නොකර play store එකෙන් app ඩව්න්ලෝඩ් කරන්නත් බෑනෙ ඉතිං.
settings වල තියෙන accounts කියන එකේ තියෙන add account ගිහින් google කියලා තෝරාගෙන account එක setup කරගන්න.
ඔයාට google account එකක් නැත්තං new කියන එකෙන් අලුත් account එකක් හදාගන්න පුලුවන් .දැනටමත් එකක් තියෙනවනං exiting ගිහින් log වෙන්න.




3.Device Manager එක enable කරගන්න.

මේකත් ඉතාම වැදගත් දෙයක්.මේක active කරලා තියෙද්දී ඔයාගෙ smartphone එක නැති වුණොත් හොයාගන්න පුලුවන්.මේකට හැබැයි phone එකේ location on කරලා තියෙන්න ඕනෙ.ඒ වගේම google account එකක් setup කරලා තියෙන්නත් ඕනෙ.

phone එකේ settings වල security එකට යන්න.device administrators කියන එකේ තියෙයි android device manager කියලා එකක්.එතන tick එකක් දාලා නැත්තං ඒක දාන්න.





4.phone එකට lock එකක් දාන්න.
smartphone එකේ ගොඩක් වැදගත් පුද්ගලික තොරතුරු තියෙනවනං lock එකක් දාන තරමට හොදයි.pattern lock එකක් හරි password එකක් හරි දාන්න.(pattern lock සමහර වෙලාවට හොයාගන්නත් පුලුවන්.pattern එක අදිනකොට ඒ ඇන්ද පාර සමහර  වෙලාවට හිටිනවා.මං ඒ විදියට අනිත් උන්ගෙ pattern හොයාගෙනත් තියෙනවා.ඒ හින්දා පොඩ්ඩක් පිහලා දාන්න)මෙහෙම කරහම අනවසර ඇතුළුවීම්වලින් ආරක්ෂා වෙන්න පුලුවන් .



5.USB Debugging enable කිරීම.

මේකත් android ලා ලබාදෙන සුපිරි tool එකක්.settings වල අැති  developer options කියලා එකක්.ඒ්ක enable කරලා නැත්තං enable කරගන්න.ඒ්කෙ ඇති USB Debugging කියලා එකක්.ඒකට tick එකක් දාන්න.





6.android smartphone එක root කිරීම

android phone එකක් root කිරීමෙන් ගොඩක් දේවල් අත්විඳීමට හැකියාවක් තියෙනවා.



7.ඔබගේ පින්තූර backup කිරීමට Google Photos download කරගැනීම.

Google Photos android app එක මගින් ඔයා තියෙන පින්තූර google cloud server එකට upload කරන්න පුලුවන්.මේක නොමිලයේ ලබා දෙන සේවයක්.ඔබේ සොඳුරු මතකයන් කවදාවත් නැතිවෙන්නෙ නෑ මෙහෙම වැඩක් කරහම.app එකෙන් වගේම photos.google.com එකට ගිහිල්ලත් ඒ photo බලන්න පුලුවන්.google account එකක් තියෙන්න ඕන මේකටත්.පහත පින්තූරය උඩ ක්ලික් කරලා ඩව්න්ලෝඩ් කරගන්න.





8.Android apps update කරගන්න.

අලුත් android phone එකක් ගත්තහම ඒකට එන app ගොඩක් වෙලාවට outdated වෙච්ච ඒවා.play store එකට ගිහින් ඒ app ටික update කරගන්න පුලුවන්.




9.Android smartphone එකක තිබිය යුතුම apps install කරගැනීම.

ඔබේ android දුරකථනය smart සහ ප්‍රයෝජනවත් කරගැනීමට තිබිය යුතුම apps install කරගන්න

10.Dumpster

වැරදිලාවත් ඔයාගෙ phone එකේ තොයෙන file එකක් delete උණොත් ඒවා recovery software එකක් නැතිව ආයෙ ලබාගන්න බෑ.ඒත් ඔයාට පුලුවන් PC එකක වගේ වැඩක් කරන්න.PC එකේ file delete වුණොත් ඒවා ආයෙ recycle bin එකෙන්  restore කරගන්න පුලුවන් .
    මේක තමයි ඒක,Dumpster කියන්නේ android phone එකක recycle bin එක.මේ app එක play store එකෙන් download කරගන්න පුලුවන්.පහත පින්තූරය උඩ ක්ලික් කරලා ඩව්න්ලෝඩ් කරගන්න.














Post a Comment

0 Comments