ඔබට අඛණ්ඩ  වේගවත් Internet Connection එකක් නැද්ද? Youtube Video online බලන්න වේගය මදිද?දුක් වෙන්න එපා.ඔබට තවම ඔබේ කැමතිම Youtube Video බලමින් ඒවා රස විඳින්නට පුළුවන්.ඒකට ඔයාට පහත දක්වලා තියෙන ඕනම ක්‍රමයක් පාවිච්ච් කරන්න පුළුවන්. අවශ්‍ය Format එක සහ Quality එක ඔබටම තෝරාගන්නත් පුළුවන්.



Youtube Video

Download කර බැලීමේ වාසි


     *Online බැලීමට සාපේක්ෂව අඩු Data  ප්‍රමාණයක් වැයවීම
     *එකක් Download කරගත් පසු Internet Connection එකක් නැතත් ඇති තරම් නැරඹිය හැකි වීම.
     *Online බැලීමට යාමේදී මෙන් හැමතැනින්ම Ad දිස් නොවීම.
     *Online  බැලීමේදී මෙන් Video හිර නොවී Play වීම.

පහළින් පෙන්නලා තියෙන්නේ Youtube Video ඔබේ පරිගණකයට හෝ ස්මාර්ට් දුරකථනයට Download කරගෙන බලන්න පුළුවන් ක්‍රම 5 ක්.මේ ඔක්කොම විදි ඔයාට නොමිලේම පාවිච්චි කරන්නත් පුළුවන්.

1.Youtube යන කොටසට පෙර SS යෙදීම.

මේක ඉතා ජනප්‍රිය ක්‍රමයක්.මේ විදියට වීඩියෝ ඩව්න්ලෝඩ් කරන්න නම් මුලින්ම ඔයාට Download කරගන්න ඔන කරන Video  එක තියෙන Youtube වෙබ් පිටුවට යන්න වෙනවා.ඒකෙ URL එකේ තියෙන Youtube කියන කෑල්ලට කලින් ss අකුරු දෙක type කරන්නයි තියෙන්නේ.එකකොට ssyoutube වෙනවා.ඊට පස්සේ ඒ Link එකට ආයෙ යන්නයි තියෙන්නේ.


උදාහරණයක් විදියට www.youtube.com/watch?v=TyFyfFfufu කියන URL එක(Link) ගමු.ss දැම්මහම ඒක පහළ තියෙන විදියට වෙනස් වෙනවා.
www.ssyoutube.com/watch?v=TyFyfFfufu  
දැන් ඔයා ss දාලා හදාගත්ත Link එකට යන්න.පහළ විදිහේ පිටුවක් ලැබෙයි.එතනින් ඔයාට කැමති විදියකට Download කරගන්න පුළුවන්.


2.Online Video Converter

Online Video Converter එකක්  පාවිච්චි කරලත් අපිට youtube video download කරන්න පුලුවන්.මේකෙදි video එක convert කරගෙනම download කරන්නත් පුලුවන්.youtube video එකේ link එක copy කරගෙන www.onlinevideoconverter.com එකට ගිහින් ඒකෙ link එක paste කරන්න තියෙන තැන link එක paste කරලා එතනම පහල තියෙන dropdown menu එකෙන් ඔයා කැමැති format එක select කරලා convert now button එක click කරන්න.ඔයාට මේක video එකක් විදියට නැතුව mp3 එකක්  විදියටත් download කරගන්න පුලුවන් .ඊට පස්සෙ එන පිටුවේ download button එක  click කරහම download වෙන්න පටං ගන්නවා







3.kiss method 

video එක download කරන්න කලිං link එකේ youtube කියන කෑල්ලට කලින් kiss කියලා type කරන්න.එතකොට youtube කියන එක kissyoutube වෙනවා.උදාහරණයක් විදියට https://www.youtube.com/watch?ewgrydffdyv  කියලා තියෙන link එකට kiss කියන එක ඇතුල් කරන්න.එතකොට https://www.kissyoutube.com/watch?gdjdfjgf බවට පත් වෙනවා.දැන් මේ විදියට හදාගත්ත link එකට ගිහින් ලස්සනට download කරගන්නයි තියෙන්නෙ 


4.freemake video downloader

freemake video downloader කියන්නේ windows පරිගණකවලට එන software එකක්.මේ software එක download කරලා install කරගන්න.ඊට පස්සේ ඔයාට download කරගන්න ඕන youtube  video එක තියෙන පිටුවේ link එක copy කරලා මේ software එකේ link එක paste කරන්න තියෙන තැන paste කරන්න.මේ software එකෙන් video එක auto ම හදුනාගන්නවා.ඔයාට ඕන quality එකයි format එකයි තෝරගෙන download කරගන්නයි තියෙන්නේ 


5.vidmate android app

vidmate කියන්නෙත් ඉතා ජනප්‍රිය android වලට එන app එකක්.මේක play store  එකෙන් බාගන්න.කලින් වගේම video එක තියෙන පිටුවේ link එක copy කරගෙන ඒක app එකට paste කරලා download කරගන්න .හරිම සරල වැඩක්.